Pages

Wednesday, February 24, 2016

අන්නාසි පුඩිම/Pineapple pudding

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ගෙඩි 1ක්
ටින්කිරි ටින් 1ක්
ජෙලටින් තේ හැඳි 1ක්
වැනිලා තේ හැඳි 1ක්
කජු ස්වල්පයක්
වියලි මිදි  ස්වල්පයක්.
සීනි 75g



සාදන ක්‍රමය

ටින් කිරි බඳුනකට දමා එයට වතුර ටින් 2ක් එකතු කර සිනිවලින් ටිකක් දමා ලිප තබා උණු කරන්න.මෙය උදුනෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.අන්නාසි පොතු හැර කුඩා කැබලි වලට කපන්න.බදුනකට අන්නාසි සහ ඉතුරු සීනි ප්‍රමාණය දමා ලිප තබන්න.මිශ්‍රණය පැණි ආකාරයට එන විට ලිපෙන් ඉවතට ගන්න.ජෙලටින් උණු වතුරෙන් දිය කර ගන්න.එයට කිරි මිශ්‍රණය එකතු කර අන්නාසි මිශ්‍රණය,වැනිලා ද දමා කලවම් කර පුඩින්  දමා කජු සහ වියලි මිදි දමා සරසන්න.