Pages

Thursday, February 25, 2016

රට ඉඳි පුඩිම /Date pudding


අවශ්‍ය ද්‍රව්‍ය

ඇට ඉවත් කල  රට ඉඳි කෝප්ප 2ක්
සීනි හෝ පැණි මේස හැඳි 6ක්
රට ඉඳි තම්බාගත් යුෂ කෝප්ප 1ක්
කොන්ෆ්ල්වර් මේස හැඳි 4ක්
ලුණු සහ දෙහි යුෂ අවශ්‍ය පමණ



සාදන ක්‍රමය

ඇට ඉවත් කරගත් රට ඉඳි හා යුෂ බඳුනකට දමා ලිප තබා උතුරවන්න.සීනි කොන්ෆ්ල්වර් සහ ලුණු මිශ්‍ර කරන්න.පැය 1/4 ක් පමණ උකුවන තුරු හොඳින් හැඳි ගා එයට දෙහි යුෂ දමන්න.කොන්ෆ්ල්වර් මිශ්‍රණය ද එයට කලවම් කරන්න.ඉන් පසු සුදුසු භාජනයකට දමා හොඳින් පදම්වීමට ශීතකරණයේ තබන්න.දැන් මෙය දීසියක් මතට මුණින් අතට හරවා කස්ටඩ් සෝස් සමග මේසයට යවන්න.