Pages

Tuesday, February 23, 2016

කොන්ඩ කැවුම්/Konda kaum

අවශ්‍ය ද්‍රව්‍ය

තෙත හාල් පිටි 500g
පාන් පිටි 500g 
සිනී 500g
පොල්තෙල් බෝතල් 1/2
කරදමුංගු , මා දුරු , ලුණු  ස්වල්පයක්








සාදන ක්‍රමය

පළමුව සීනි මේස හැඳි 4ක් පමණ ගෙනඑයට වතර අඬු කෝප්ප 1 දමා  සිනී පැණි (සීනි කැරමල් ) සදා ගන්න.ඉන් පසුව එයට ඉතුරු සීනි ප්‍රමාණයද එක්කර උණු කර ගන්න.එය නිවන්නට හරින්න.ඉන්පසු හාල් පිටි සහ පාන් පිටි එකට කලවම් කර 3 වරක් හලා ගන්න.හලා ගත් පිටි වලට කබලේ බැද කුඩු කරගත්  කරදමුංගු, මා දුරු එක්කර කලවම්කර ගන්න.ලුණු ස්වල්පයක්ද එක්කර ගන්න.ඉන් පසු සදා ගත් පැණි මිශ්‍රණයෙන් ටික ටික එක්කර මින් නුලක් ආකාරයට වැක් කෙරන ආකාරයට පදම එන තෙක් පිටි මිශ්‍රණ අනා ගන්න.ඉන් ගැඹුරු තෙලේ බැද ගන්න.