Pages

Wednesday, February 24, 2016

ඇපල් පුඩිම/Apple pudding

අවශ්‍ය ද්‍රව්‍ය

ලෙලි කපාගත් ඇපල් ගෙඩි 3ක්
කිරි මිලි ලිටර් 200
බටර් ග්‍රෑම් 125ක්
පාන්පිටි මේස හැඳි 3ක්
පාන් කුඩු ග්‍රෑම් 125
බිත්තර 4ක්
සීනි ග්‍රෑම් 75
වැනිලා බින්දු කිහිපයක්
මුදරප්පලම් ග්‍රෑම් 50
බේකින් පවුඩර් තේ හැඳි 1ක්
 

සාදන ක්‍රමය

බඳුනකට බටර් සීනි දමා ගසන්න.බේකින් පවුඩර් සමග පාන් පිටි හලන්න.හලාගත් පිටි බිත්තර මිශ්‍රණයට ටිකෙන් ටික කලවම් කරන්න.ඇපල් ග්‍රේට් කර කිරි වලට එකතු කරන්න.එයට මුදරප්පලම්,පාන් කුඩු දමා ටික ටික බටර් මිශ්‍රණයට කලවම් කරන්න.ඉන් පසු තැටියක දමා විනාඩි 30ක් පමණ වාෂ්පයෙන් තම්බන්න.