Pages

Friday, February 26, 2016

වැලි තලප/Wali thalapa

අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි 1 kg
උකු පොල් කිරි අඬු කෝප්ප 01
පැණි අඬු කෝප්ප 02
ලුණු හා වතුර ස්වල්පයක්
කැබලි කරගත් ගම්මිරිස් තේ හැඳි 1/4





සාදන ක්‍රමය

පිටි වලට ලුණු හා වතුර දමා සිහින් වැලි කැට වන ලෙස හදා ගන්න.පසුව මෙය වණ්ඩුවේ දමා පිට්ටු මෙන් හුමාලයෙන් තම්බා ගන්න.මිශ්‍රණ නිවෙන්නට ප්‍රථම හැන්දකින් වැලි මෙන් කැටි ලිහා ගන්න.පැණි ලිපේ තබා එම පැණි වලින් ටිකක් අයින් කර ලිහා ගත්  පිට්ටු හා ගම්මිරිස් කැබලි දමා තරමක් ඝණ වන තෙක් හැඳි ගාන්න.පැණි මදි මෙන් හැඟෙනම් ඉතිරි කරගත් පැණි එයට කලවම් කරන්න.ඉන්පසු මෙය ලිපෙන් බාගෙන ලෑල්ලක තුනී කර කැබලි කපා ගන්න.