Pages

Tuesday, February 23, 2016

ඉස්සන් ඩේවල්/Devilled prawns

අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් 500g
තෙල් හෝ මාගරින් අවශ්‍ය පමණට
මාළු මිරිස් කරල් 7
ගමිරිස් කුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
රට ළූණූ ගෙඩි 3 ක්
සෝයා සෝස් අවශ්‍ය ප්‍රමාණයට
තක්කාලි ගෙඩි 2 යි
මිරිස් කුඩු සහ කහ කුඩු ස්වල්පයක්
කරපිංචා,රම්පෙ,මිරිස් සෝස්  මේස හැඳි 3 ක් පමණ
ලීක්ස් හෝ ළූණු  කොළ ගස් කිහිපයක්


සාදන ක්‍රමය

ඉස්සන් හොඳින් සෝදා ගන්න.කහ ,ගම්මිරිස් ,ලුණු ස්වල්පය බැගින් එකතු කර ඉස්සන් තම්බා ගන්න.ළූණූ,ලීක්ස්,මාළු මිරිස්,තක්කාලි  කපා ගන්න.සුදුසු භාජනයක් ගෙන තෙල් දමා ලිප තබන්න.තෙල් රත් වන විට ළූණු,රම්පෙ,කරපිංචා එකතු කර බැද ගන්න.එය බැදුන පසු එයට තම්බාගත් ඉස්සන් දමා එයද තරමක් රන්වන් පැහැය එන තෙක් බැදෙන විට කපා ගත් ළූණූ,ලීක්ස්,මාළු මිරිස්,තක්කාලි එකතු කරන්න.හොඳින් කලවම් කර විනාඩි 3ක් පමණ ලිපේ තබා ගන්න.ඉන් පසුව එයට සෝයා සෝස් සහ මිරිස් සෝස් එකතු කර හොඳින් කලවම් කර තවත් විනාඩියක් පමණ ලිප තබා බා ගන්න.