Pages

Tuesday, February 23, 2016

දැල්ලන් ඩේවල්

අවශ්‍ය ද්‍රව්‍ය

දැල්ලන් 500g
තෙල් හෝ මාගරින්
මාළු මිරිස් කරල් 3
ගමිරිස් කුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
රට ළූණූ ගෙඩි 3 ක්
සෝයා සෝස් අවශ්‍ය ප්‍රමාණයට
තක්කාලි ගෙඩි 1 යි
මිරිස් කුඩු සහ කහ කුඩු ස්වල්පයක්





 සාදන ක්‍රමය

හොදින් පිරිසිදු කරගත් දැල්ලන් සාමාන්‍ය කෑලිවලට කපා ගන්න.කපා ගත්දැල්ලන් වලට ගමිරිස්,මිරිස් කුඩු,කහ කුඩු,ලුණු කුඩු දමා හොඳට තම්බා ගන්න. තක්කාලි,මාළු මිරිස් සහ රට ළූණු රවුමට කපා ගන්න.ඉන් පසු සුදුසු භාජනයක් ගෙන එයට මාගරින් දමා රත්වන විට දැල්ලන් දමා බැද ගන්න.එයට කපාගත් සියල්ල දමන්න.ඉන් පසුව සෝස් එකතු කරන්න.